සංදර්භය

අද්විතීය කලා නිර්මාණයක් බිහි කිරීමේ උවමනාව මත නොව යුගයක අවශ්‍යතාවයක් පිරිමැසීම උදෙසාම කළ සිනමා සිත්තමක් ගෙත්තම් වූ අයුරු මෙසේ හෙළි කරන්නෙමු.

රන් දමක් සේ මුතු පටක් සේ අපි අපිම එක්වීමු. එකිනෙකා සතු වටිනාකම් එකම රේඛාවක එකම දාමයක අමුණන්නට අපට තිබුණේ එකම සමාජ පසුතලයක නෙත ගැටෙන මනස නොදකින සියුම්ව නොවිචාරනා කළ සංකීර්ණත්වය මතු කරගත නොහැකි වූ පැනයක් හඳුනා ගැනීමේ උවමනාව නිසාම වූ පරිත්‍යාගශීලිත්වය පමණි.

මෙම සිනමා කෘතියේ අන්තර්ගතය පවතින්නේ අප ඇසුරේමය. යුරෝපා රටකය. මතුකළ ගැටළුව පැන නගින්නේ එනිසාමය. අප වනාහී මොංගෝලියානුවෝය. ආසියායුවෝය. ඒ අපේ ජානවල හිමිකාරිත්වය යි. අප සිතන්නේ පතන්නේ අපේම සංස්කෘතියක සාරධර්ම පද්ධතියක අයිතීන්ට අනූවය. කොපුවෙන් නෑරුනු නෙළුම් කැකුළු සේ සියලු සුන්දරත්වයන් වසාගෙන රකින්නට තැත්කරන අප මිණියෙන් විනිර්මුක්තව සංවෘතභාවය නොව විවෘතභාවයම සංස්කෘතිය කරගත් කොකේසියානුවෝ හෙවත් යුරෝපීයන් අතරය මේ වෙසෙන්නේ.

ඉඳින් එකී පරස්පරයම ගැටළුව කරගන්නා සුනීතා නම් වූ මෙකී කෘතියේ එන ප්‍රධාන චරිතය ඇගේ දරුවාට අයිතිවිය යුතු සංස්කෘතික උරුමයන් හා සාරධර්ම පද්ධතිය උදෙසා දරුවා තුළ ඇල්මක් ඇති කරන්නට දරන ප්‍රයත්නයක යථාර්ථවාදී දැක්මය
'FOR A SON (පුතෙකුට)' සඳහා හේතුභූත වන්නේ.