සාරාංශය

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක වාසය කරන සුනීතා කලකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික කාන්තාවකි.
ඇයගේ සාමාන්‍ය දින චාර්යාව වන්නේ ඇවිදීමට නොහැකි ඉතා මහලු ඉතාලි ජාතික කාන්තාවක් බලාගනිමින් කරන සිය ‍රැකියාවත්, තම නිවසේ සිටින කෙමෙන් තරුන වියට පාතබන තම රටේ උපත ලද ,කලකට පසු ඉතාලියට සංක්‍රමණය වූ සිය පුත්‍රයා සමග ගත කිරීමත්ය.ඇයත් ඇගේ පුත්‍රයාත් අතර නිහඞවම යම් නොරුස්සනබවක් වැඩෙමින් පවතී.
තම ලමා කාලයේ සිය මව නැතිව හැදීවෑඩෙන මෙම දරුවා පසු කලකදී ඉතාලියට පැමින මුහුනපාන මානසික සහ සංස්කෘතික පෙරලිය සුනීතාට තේරුම් ගැනීමට අපහසුවන අතර ජීවත්වීමට මුදල් උපයාගැනීම සඳහා කිසිදාක ජීවත්වීමට නොසිතූ රටක වෙසෙන්නට සිදුවීම ගැන ඇය සිතින් පීඩා විඳීයි.
සිය පුත්‍රයාගේ අමුතු ආකාරයේ හැසිරීම නිසාඔහු විසින් උපන් රටේ හැදියාව සහ සංස්කෘතිය අමතක කරාවි යයි බියෙන් ඔහුව නිසිමගට ගැනීමට සුනීතා යම් යම් අයගෙන් උදව් උපකාර උපදෙස් පතයි.
ඔවුන් ඇයට උදව් කරන්නේ කුමක් සඳහාද? සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?......


අධ්‍යක්ෂක සටහන්

මෙකී අනුභුතියම සිත පතුලේ තබාගෙන, අඩු ලුහුඩු සපුරමින්, මකමින් ලියමින්, සියලු සංස්කරණයන් සිත තුලම කරමින් සිටි මම, 2014 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට ගියේ මෙකී කතා වස්තුව දමා ගැට ගසා තිබූ මගේ සිත්මල්ල ලිහා මගේ මිතුරා හා ඒ ගැන විචාරන්නටමය.
අපි කතා කළෙමු. වාද කළෙමු. විරුද්ධ වුණෙමු. එකඟ වුණෙමු. මතුවන ගැටළු ලිහා ගන්නට තැත් කරමින් මධ්‍යම රාත්‍රීන් මෙකී කතිකාවතටම ගෙවා දැමීමු.
අවසානයේ තීරණය කළෙමු. ' අපි මේක කරමු'. වත්මන් සිනමා කෘති අභිබවා යන විප්ලවීය සිනමා කෘතියක් සේ සිත තුල දඟලන එකී සෞන්දර්යාත්මක සිනමා කෘතියකට පණ දෙන්නට මමත්, මගේ මිතුරා අරවින්දත් තීරණය කළෙමු.

' විචිත්‍රත්වයෙන් හෝ විසිතුරු බවින් කතාව විනාශ නොකරගමු ',' අදාල චරිතයන් ඔවුන්ට අදාල පසුබිම මත පිහිටුවා එම මොහොතේ ඔව්න්ගේ සිතුවිලි තුළින්ම එන දෙබස් වලින් තාත්වික කතා වස්තුවක් අපි ගොඩනගා ගමු.'... වැනි එකඟතා මත මෙම කෘතිය සැබවින්ම සමාජ ගැටළුව නිරූපනය වන පරිදි මතු කර ගන්නට වෙහෙස දැරීමි.
අප දැරූ වෙහෙසේ ප්‍රතිඵල අපි ඔබට තිළිණ කරගන්නෙමු. ඉඳින්, අප සාර්ථක වන්නේ එකී ඵලයේ රස ඔබට දැනුනු විටය. එකී රස ඔබ හඳුනාගත් විටය. එහෙයින්, අප විචාරන්නට පූර්ණ අයිතියද අපිම ඔබට පවරා දෙන්නෙමු.

සුරංග දේශප්‍රිය කටුගම්පල