Gallery | අපි Credits

අපි

අඬුලුහුඩු නොමැතිව සාමාන්‍ය සිනමා කෘතියක් නිර්මාණය කරනා අයුරින්ම සියල්ල සම්පාදනය කර ගැනීමේ උවමනාව අපට තිබිණි.
කවරනම් කුලයක ජාතියක ආගමක වර්ණයක අයිතියක් ලදුවත් දුගී පැලක රන් මැදුරක බිහි කළත් හුස්ම පොදක් වැටෙනා ජීවියකු මෙලොවට ප්‍රසූත කරන්නට දරනා විලිබරෙහි වෙනසක් නැත්තා සේම මෙකී සිනමා කෘතියද වෙනුවෙන් අපිදු එක සේම එකී විලි බර එක සිතින් දැරුවෙමු. එක සිතින් වින්දෙමු. බිහිවන නවමු ජීවියා ගැන දකිනා සිහිනයෙන් නොසැලී එකාවන්ව සිටියෙමු.
එකම බත් පත මදි නොකියා කෑවෙමු. කුස ගින්න හෝ ශාරිරික වෙහෙසට සිතේ ඉඩක් නොතියාම සියලු දුක් ගැහැට මිත්‍රත්වයෙන් වින්දෙමු. එක්සත්ව එක්සිත්ව සිටියෙමු. මහා ප්‍රාඥයෝ අප අතර නොසිටියෝය. මහා ශක්තිධරයෝ අප අතර නොසිටියෝය. සැබෑ සමාජ මෙහෙවරක් උදෙසා පූර්ණ කාලීනව කැපවූවෝ අප අතර වූහ.
එකී සහෝදරත්වයෙන්, එකී සාමුහිකත්වයෙන්, එකී ශක්තියෙන් දැරූ වීරියෙන් අපි අපේ නවජයා බිහි කළෙමු.